Archives: අප්‍රේල් 2023

යේසුස්වහන්සේ තුළ ඉදිරියට යාම

වනාන්තරයක් මැදින් දුවන ගමන් මම කෙටි මගක් සොයාගෙන නුහුරු පාරක ගියෙමි. මම අතරමං වෙලාද කියා සිතමින් මගේ විරුද්ධ පැත්තෙන් දුවමින් මා පසු කරමින් ගිය අයෙකුගෙන් මා ගමන් කරන මාර්ගය හරිද කියා විමසුවෙමි. ඔහු එයට “ඔව්,” කියා විශ්වාසයෙන් පිළිතුරු දුන්නේය. මගේ සැක සහිත පෙනුම දුටු ඔහු ඉක්මනින්ම මෙසේ පැවසීය: “කරදර වෙන්න එපා, මම වැරදි මාර්ග සියල්ලම උත්සාහ කර තිබේ! නමුත් කමක්…

කුලියට මිත්‍රයෙක්?

ලොව පුරා සිටින බොහෝ දෙනෙකුට ජීවිතය හුදකලා වෙමින් පවතී. 1990 සිට මිතුරන් නොමැති ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව හතර ගුණයකින් වැඩි වී ඇත. ඇතැම් යුරෝපීය රටවල ජනගහණයෙන් සියයට 20 ක් දක්වා ප්‍රමාණයකට තනිකමක් දැනෙන අතර ජපානයේ සමහර වැඩිහිටි පුද්ගලයින් අපරාධවලට යොමු වී ඇත්තේ ඔවුන්ට සිරගෙදර සිටින රැඳවියන් සමඟ ඇසුරු කළ හැකි නිසාය.

සමහර ව්‍යාපාරිකයින් මෙම තනිකමේ වසංගතයට “විසඳුමක්” ඉදිරිපත් කර ඇත - එනම්,…

අනාගත විශ්වාසවන්තකම

සාරාට වයස අවුරුදු දාහතරේදී ඇගේ මව අහිමි විය. එයින් පසුව ඇයට සහ ඇගේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ නිවස අහිමි වූ අතර නිවසක් නොමැතිව අසරණ විය. වසර ගණනාවකට පසු, සාරාට අවශ්‍ය වූයේ තම අනාගත දරුවන්ට පරම්පරාවෙන් පරම්පරාවට පවරා දිය හැකි උරුමයක් ලබා දීමටයි. ඇයට කිසිදා නොතිබූ ස්ථාවර නිවසක් ඇයගේ පවුලට ලබා දෙනු වස් ඇය වෙහෙස මහන්සි වී වැඩ කළාය.

අනාගත පරම්පරාව සඳහා…

ප්‍රශංසා කිරීමට මතක තබා ගැනීම

අපේ සභාව අපේ පළමු ගොඩනැඟිල්ල ගොඩනැගු විට, ගොඩනැඟිල්ලේ අභ්‍යන්තරය නිම කිරීමට පෙර කොන්ක්‍රීට් කනු සහ කොන්ක්‍රීට් බිම්වල සාමාජිකයින් ස්තුති කිරීමේ සටහන් ලිවීය. කොන්ක්‍රීට් කනු ආවරණය කළ ලෑලි බිත්ති ඉවත් කළ විට, ඔබට ඒවා එහි සොයාගත හැකිය. “ඔබ ඉතා යහපත්ය!” වැනි ප්‍රශංසා යාච්ඤාවලට අමතරව ශුද්ධ ලියවිල්ලේ පදයෙන් පදය ලියවී තිබුණේය. අපගේ අභියෝග නොතකා දෙවියන්වහන්සේගේ කරුණාවෙන් අපව රැකබලා ගත් බවට අනාගත පරපුරට…

උතුම් ප්‍රේමය

ශුද්ධ වූ සතියට දින කිහිපයකට පෙර, ලොව පුරා සිටින කිතුනුවන් යේසුස්වහන්සේගේ පූජාව සිහිපත් කර උන්වහන්සේගේ නැවත නැඟිටීම සමරන දිනවලදී, නිරිතදිග ප්‍රංශයේ සුපිරි වෙළඳසැලකට කඩා වැදුණු ත්‍රස්තවාදියෙකුගේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සාකච්ඡා කිරීමෙන් පසු ත්‍රස්තවාදියා එක් ප්‍රාණ ඇපකරුවෙකු හැර අන් සියල්ලන්ම නිදහස් කළ අතර ඔහුව මිනිස් පලිහක් බවට පත් කර ගත්තේය. අන්තරාය දැනගත් පොලිස් නිලධාරි අර්න්වුඩ් බෙල්ට්‍රමේ සිතාගත නොහැකි…